Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

01st January 2024 13:45:53 Hours

“සප්ත ස්වර සංද්‍යාව” ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් අඩු ආදායම් ලාභී පවුල්වල සුභසාධනය වෙනුවෙන් අරමුදල් රැස් කිරීම උදෙසා 2023 දෙසැම්බර් මස 23 වන දින ඇඹිලිපිටිය ඩී ඒ රාජපක්ෂ ගෘහස්ත ශ්‍රවනාගාරයේදී “සප්ත ස්වර සංද්‍යාව” ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ආචාර්ය හිමාලී නියංගොඩ මැතිණියගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වි යුඑස්පී එන්ඩීයු පීඑස්සී සහ පොදුසේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම් කේ එස් එස් ද සිල්වා යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් වෘත්තීය පාසලේ සේනාවිධායක කර්නල් ඩී එම් ටී සී දිසානායක ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම මත උත්සවත්ශී‍යෙන් පවත්වන ලදි.