Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

19th February 2023 22:45:34 Hours

ශ්‍රී ලංකා යුධ හමුදා පොදුසේවා බලකායේ 3 වන බලඇණියේ 9 වන අණදෙන නිලධාරියා ලෙස රාජකාරි භාර ගැනීම.

මේජර් පිඒ්එස් කුරේ යුඑස්පි 2023 පෙබරවාරි 16 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 3 වන බලඇණියේ 9 වන අණදෙන නිලධාරිනිය ලෙස වැඩ භාර ගන්නා ලදී. ඒකකයේ අණදෙන නිලධාරි පත්වීමක් භාරගත් පළමු කාන්තා නිලධාරිනිය ඇයයි. ඒදින පෙළපාලියක් සහ ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදමින් මියගිය රණවිරුවන් වෙත උපහාර දැක්වීම ද ඇතුළත් විය.

ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් අණදෙන නිළධාරීණිය රාජකාරි භාර ගන්නා ලදී. අනතුරුව ඇය රාජකාරී භාරගැනීම සනිටුහන් කරමින් ඒකක පරිශ‍්‍රයේ පැළයක් රෝපණය කළ අතර පසුව තේ පැන් සංග්‍රහයට ද සහභාගී වූවාය. එම ඒකකයේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් අභිනවයෙන් පත් වූ අණදෙන නිළධාරිණිය හට සාර්ථක ධුර කාලයක් සඳහා උණුසුම් සුභ පැතුම් පිරිනමන ලදී.