Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

15th September 2022 22:51:23 Hours

නව බලකාධිපති ධූරයේ වැඩ භාරගැනීම මේජර් ජෙනරාල් ඒම් ඩබ්ලිව් ටී සී මෙත්තානන්ද යුඒස්පි එන්ඩිසි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ 15 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරාල් එම් ඩබ්ලිව් ටී සී මෙත්තානන්ද යුඒස්පි ඒන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 සැප්තැම්බර් 01 වන බ්‍රහස්පතින්දා දින යෙදුනු සුභ මොහෙතින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ආගමික වතාවන් මධ්‍යයේ තම ධූරයේ වැඩ භාර ගන්නා ලදී.

මධ්‍යස්ථාන සේනාවිධායක රෙමශ්‍රීලයුපොදුසේබ කර්නල් ඒන් ඒ ඒස් සී පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නව බලකාධිපති මහත් හරසරින් පිළිගත් අතර, කදවුරු සම්මාන මුරය හා උත්සව සම්මාන පෙළපාලියෙන් අනතුරුව රෙජිමේන්තු රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය. ඉන් අනතුරුව, රෙජිමේන්තු මන්ත්‍රණ සභා ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රෙජිමේන්තු නිලධාරින්/නිලධාරිණියන්ගේ සහභාගීත්වයෙන් සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ අභිනව බලකාධිපති ලෙස වැඩ භාර ගැනීමේ සිය පළමු නිල ලේඛනයේ අත්සන් තැබීය. පැලයක් රෝපණය කිරීමේ වැඩ සටහනින් පසු සියළු නිල තේ පැන් සංග්‍රහයටද සහභාගිවිමෙන් පසු උත්සව කටයුතු අවසන් විය.