15th September 2022 22:39:18 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ 21 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් පි ආර් සමරවීර ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 සැප්තැම්බර් 07 වන බදාදා දින යෙදුනු සුභ මොහෙතින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ආගමික වතාවන් මධ්‍යයේ තම ධූරයේ වැඩ භාර ගන්නා ලදී.
මාණ්ඩලික නිලධාරි 1 (භකාස) රෙමශ්‍රීලයුපොදුසේබ ලුතිනන් කර්නල් යු ඒ කළුආරච්චි යුඒස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නව මධ්‍යස්ථාන සේනාවිධායක මහත් හරසරින් පිළිගත් අතර, කදවුරු සම්මාන මුරය හා උත්සව සම්මාන පෙළපාලියෙන් අනතුරුව රෙජිමේන්තු රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය. ඉන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රෙජිමේන්තු නිලධාරින්/නිලධාරිණියන්ගේ සහභාගීත්වයෙන් සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ අභිනව මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස වැඩ භාර ගැනීමේ සිය පළමු නිල ලේඛනයේ අත්සන් තැබීය. සියළු නිල තේ පැන් සංග්‍රහයටද සහභාගිවිමෙන් පසු උත්සව කටයුතු අවසන් විය.