Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

20th September 2021 09:36:28 Hours

ශ්‍රිලයුපොදුසේබ සේවා වනිතා ශාඛාව වෙතින් පොදුසේවා බළකායේ රණවිරු පවුල් වෙත Data ශිෂ්‍යත්ව හා රෝද පුටුවක් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.

මේ වන විට රට තුල පවතින Covid 19 වෛරසය හේතුවෙන් මාර්ග ගත ක්‍රමවේදය (Online) ඔස්සේ ආධ්‍යාපනය හදාරන පාසල් ළමුන් වෙත පොදුසේවා බළකා සේවා වනිතා ශාඛාව වෙතින් තෝරාගත් රණවිරු පවුල් දෙකක් වෙත 2021 සැප්තැම්බර් 16 වන දින Data ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් රෙඡිමේන්තු දේශණ ශාලාවේදී පවත්වන ලදී.

එම වැඩසටහනට සමගාමීව සෙ‍‍/702225 සැරයන් රත්නායක ආර් එම් සී පී ගේ නිවසේදී, රෝගාතුරව සිටින ඔහුගේ පියාණන් වෙත රෝද පුටුවක් ප්‍රදානය කීරීමේ වැඩසටහනක් ද පවත්තන්නට යෙදුනි. මෙම වැඩසටහන සඳහා චලනි හෙට්ටිආරච්චි මහත්ම්ය විසින් මිය ගිය තම ආදරණීය ස්වාමිපුරුෂයා වන ලූතිතන් කර්නල් ඡී කේ එන් ජේ බණ්ඩාර ආර්එස්පී ‌‌ෙජ්‍යෂ්ඨ නිළධාරී සිහිකරමින් රෝද පුටුව ඇයගේ මුල්‍යමය අනුග්‍රාහකත්වයෙන් ලබාදෙන ලදි.

මෙම වැඩසටහන සඳහා පොදුසේවා බළකා මධ්‍යස්ථාන සේනාවිධායක, සහ සේවාවනිතා ශාඛා සාමාජිකාවන් ද සහභාගි වන ලදී.