Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

05th August 2021 16:11:57 Hours

යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීම සහ බලකාධිපති ධූරයෙන් නික්මයෑම මේජර් ජෙනරාල් සි කේ හදුන්මුල්ල ජ්‍යෙෂ්ඨ නිලධාරි

1986 ජනවාරි 17 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරියෙකු ලෙස බැදී 2 ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රීලංකා යුද්ධ හමුදා පොදුසේවා බළකායට අනුයුක්තව වසර 35 ක කාලයක් තුල ක්‍රීයාන්විත ඇතුළු දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල රාජකාරි ඉටුකිරීමෙන් අනතුරැව ශ්‍රීලංකා යුද්ධ හමුදා පොදුපොදුසේවා බළකායේ බලකාධිපති ලෙස 2019 ජූනි මස 06 වන දින රාජකාරි භාර ගැනීමෙන් පසු රෙජිමේන්තුව වෙත අමිල මෙහෙයක් ඉටුකරමින් 2021 ජූලි 31 වන දින ශ්‍රීලංකා යුද්ධ හමුදාවෙන් සහ බලකාධිපති ධූරයෙන් මේජර් ජෙනරාල් සි කේ හදුන්මුල්ල ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ගන්න ලදි.

මධ්‍යස්ථාන සේනාවිධායක රෙමශ්‍රීලයුපොදුසේබ බ්‍රිගේඩියර් ඒ එම් කේ ජී පී එස් කේ අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විශ්‍රාමලත් බලකාධිපති මහත් හරසරින් පිළිගත් අතර, කදවුරු සම්මාන මුරයෙන් අනතුරුව රෙජිමේන්තු රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු අර්ධ සම්මාන මුරය පිරිනැමීය. මෙම උත්සවයට සහභාගිවූ සියළළුම රෙජිමේන්තු මන්ත්‍රණ සභා ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සියයළුම නිලධාරින්/නිලධාරිණියන් සමූහ ඡායාරුපයකට පෙනී සිටීමෙන් පසු සියළුම නිලයින් සදහා සංවිධානයකර තිබු තේ පැන් සංග්‍රහයට සහභාගි විය. ඉන් අනතුරුව මෙම උත්සවයට සහභාගි වූ සියළුම නිලධාරින් සහ සෙසුනිලයින් රෙජිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට පෙළසදා විශ්‍රාමලත් බලකාධිපති මේජර් ජෙනරාල් සි කේ හදුන්මුල්ල ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා හට ආචාර දැක්වූහ. ඒ සදහා නව බලකාධිපති බ්‍රිගේඩියර් ඒච් ඒ පී පී කේ හේවාවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා ඇතුළු රෙජිමේන්තු මන්ත්‍රණ සභා ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සියයළුම නිලධාරින්/නිලධාරිණියන් මෙන්ම ඒකක/වෘපා හි සියළුම රෙසැමේවරැන් ඇතුළු සෙසුනිලයින් සහභාගි වූ අතර, ඉන් උත්සව කටයුතු අවසන් විය.