Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

27th October 2025 10:07:04 Hours

වෘත්තිය පාසල ශ්‍රීලයුපොදුසේබ - කුට්ටිගල ආසන්නව පිහිටා ඇති "විහාරගම බෝධි විහාරයේ" අඩුපාඩුවක්ව පැවැති බුදු මැදුර බුද්ධ ශාසනයේ පුනර්ජීවනය උදෙසා 2025.10.17 දින සුභ මොහොතින් පුජා කරන ලදී.

වෘත්තිය පාසල ශ්‍රීලයුපොදුසේබ - කුට්ටිගල ආසන්නව පිහිටා ඇති "විහාරගම බෝධි විහාරයේ" අඩුපාඩුවක්ව පැවැති බුදු මැදුරක් 'කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ආනදයීය බෞද්ධ සංගමයේ' හිටපු සභාපති හා වත්මන් ජ්‍යෙෂ්ඨ අනුශාසන මහේන්ද්‍ර ජයසිංහ මහතාගේ බැතිබර අනුග්‍රාහකත්වයෙන් යුතුව ප්‍රදේශ වාසින්ගේද පූරණ සහයෝගීතාවයෙන් හා ශ්‍රමදායකත්වයෙන් වෘත්තිය පාසල ශ්‍රීලයුපොදුසේබ - කුට්ටිගල සේනාවිධායක තුමන් වන Colonel සී එස් දෙමුණි (නි/64093) යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පුරණ අධික්ෂණය යටතේ වෘත්තිය පාසලේ සියළු නිලයින්ගේ දැහැමි ආකල්පයන් හා ආධ්‍යාත්මික සුවතාවය තුලින් බැතිබර සහයෝගීතාවයෙන් හා සහභාගීත්වයෙන් යුතුව බුද්ධ ශාසනයේ පුනරජීවනය උදෙසා 2025.10.17 දින සුභ මොහොතින් පුජා කරන ලදී.