Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

14th August 2021 10:06:45 Hours

රෙම ශ්‍රීලයුපොදුසේබ මධ්‍යස්ථාන සේනාවිධායක නව තනතුරෙහි වැඩ භාර ගැනීම කර්නල් එන් ඒ එස් සී පෙරේරා

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 20 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් එන් ඒ එස් සී පෙරේරා ‌ෙජ්‍යෂ්ඨ නිලධාරි 2021 අගෝස්තු 12 වන බ්‍රහස්පතින්දා දින යෙදුනු සුභ මොහොතින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ආගමික වතාවන් මධ්‍යයේ තම ධූරයේ වැඩ භාර ගන්නා ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 ලෙස කටයුතු කරනු ලබන ලුතිතන් කර්නල් ඩී ඒම් ටි සි දිසානයක ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නව මධ්‍යස්ථාන සේනාවිධායක මහත් හරසරින් පිළිගත් අතර, කදවුරු සම්මාන මුරයෙන් පසුව එතුමන් විසින් රෙජිමේන්තු රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය. ඉන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රෙජිමේන්තු නිලධාරින්/නිලධාරිණියන්ගේ සහභාගීත්වයෙන් සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ අභිනව මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස වැඩ භාර ගැනීමේ සිය පළමු නිල ලේඛනයේ අත්සන් තැබීය. ඉන් පසු සියළු නිල තේ පැන් සංග්‍රහයටද සහභාගිවී උත්සව කටයුතු අවසන් විය.