13th February 2025 22:23:29 Hours
ත්‍රස්ථවාදීන්ගෙන් මව් බිම ආරකෂා කර ගැනීම සදහා දිවි හිමියෙන් කැප වු රණකෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ වැඩසටහනක් 2025.02.11 වන දින අධ්‍යකෂක ජෙනරාල් මූල්‍ය කළමනාකරණ හා ශි්‍ර ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඒ එම් කේ ජී පී එස් කේ අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ සේවා වනිතා ශාඛා සභාපතිණි තුෂාරී අබේසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් මිහිදු සෙත් මැදුර අත්තිඩිය රෝහල් පරිශ්‍රයේදී සිදුකරන ලදී.
මෙහිදී, රණවිරුවන් වෙත තේ පැන් සංග්‍රහයක් සහ ත්‍යාග, රෝහලට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දෙමින් ඔවුන් සමග අතීත මතකයන් සිහිපත් කරමින් සුහද පිළිසදරක යෙදුන අතර යුද්ධ හමුදා තූර්යවාදක අධ්‍යකෂක මණ්ඩලය වෙතින් එම අවස්ථාව වර්ණවත් කිරීමට දායක වන ලදී. තවද, මෙම අවස්ථාව සදහා වැටුප් හා ලේඛණ අධ්‍යකෂ බි්‍රගේඩියර් එම් කේ එස් එස් ද සිල්වා, යුධ හමුදා යහසාධක අරමුදලේ අධ්‍යකෂක මෙන්ම රෙම ශි්‍රලයුපොදුසේබ වැඩ බලන මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ටී ජී එන් ද සිල්වා යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ලා ඇතුළු ජ්‍යෙෂ්ඨ සේවා වනිතා සාමාජිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
රෝහල් සංචාරයේ සංවිධාන කටයුතු සේවා වනිතා ශාඛා ගරු සභාපතිණි තුශාරි අබේසිංහ මැතිණියගේ මග පෙන්වීම යටතේ 3 ශී්‍රලයුපොදුසේබ (වැහාලේ) ඒකකයේ අණදෙන නිලධාරී මේජර් එම් පී අයි අමරසේන පීඑස්සී එල්එස්සී ශි්‍රලයුපොෙදුසේබ ඡේ්‍යෂ්ඨ නිලධාරීතුමන් ඇතුළු ඒකක කාර්ය මණ්ඩලයේ අධිකෂණය යටතේ සිදුකරන ලදී.