07th October 2025 16:33:15 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බළකායේ 18 වන බලකාධිපති ලෙස මෙම රෙජිමේන්තුව වෙත අමිල මෙහෙයක් ඉටුකරමින් 2025 ඔක්තෝබර් මස 05 වන දින බලකාධිපති ධූරයෙන් මේජර් ජෙනරාල් ඒ එම් කේ ජී පී එස් කේ අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි නික්ම යන ලදි.
රෙම ශ්‍රීලයුපොදුසේබ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේ ඒ ඩී සී ජේ කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නික්ම යන ලද බලකාධිපති මහත් හරසරින් පිළිගත් අතර, කදවුරු සම්මාන මුරයෙන් අනතුරුව රෙජිමේන්තු රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු සම්මාන පෙලපාළියක් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත පිරිනමන ලදි. මෙම උත්සවයට සහභාගිවූ සියළුම රෙජිමේන්තු මන්ත්‍රණ සභා ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සියයළුම නිලධාරින්/නිලධාරිණියන් සමූහ ඡායාරුපයකට පෙනී සිටීමෙන් පසු සියළුම නිලයින් සදහා සංවිධානයකර තිබු තේ පැන් සංග්‍රහයට සහභාගි විය.
ඉන් අනතුරුව මෙම උත්සවයට සහභාගි වූ සියළුම නිලධාරින් සහ සෙසුනිලයින් රෙජිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට පෙළසදා නික්ම යන බලකාධිපති මේජර් ජෙනරාල් ඒ එම් කේ ජී පී එස් කේ අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා හට ආචාර දැක්වූහ.
සෙසුනිල සුභසාධනය පතා තෙමහල් නේවාසික ගොඩනැගිල්ලෙහි පලමු අධියර ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් එදින විවෘත්ත කිරීමෙන් අනතුරුව මෙම රෙජිමේන්තු ප්‍රවාහන අංශය වාහන ගාල්කිරීමේ අංගණය නැවත අළුත්වැඩියාකර භාවිතය සදහා රෙජිමේන්තු ප්‍රවාහන අංශය වෙත ලබා දීම සිදු කරන ලදි. මෙම රෙජිමේන්තු මන්ත්‍රණ සභා ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සියයළුම නිලධාරින්/නිලධාරිණියන් මෙන්ම ඒකක/වෘපා හි සියළුම රෙසැමේවරුන් ඇතුළු සෙසුනිලයින් සහභාගි වූ අතර, ඉන් උත්සව කටයුතු අවසන් විය.