Sri Lanka Army General Service Corps

Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා
බළකාය

සේවයෙන් විශිෂ්ඨත්වය

16th July 2024 17:09:19 Hours

නව බලකාධිපති ධූරයේ වැඩ භාරගැනීම මේජර් ජෙනරාල් ඒ එම් කේ ජී පී එස් කේ අබේසිංහ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ 18 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරාල් ඒ එම් කේ ජී පී එස් කේ අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ජුලි 15 වන දින යෙදුනු සුභ මොහෙතින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ආගමික වතාවන් මධ්‍යයේ තම ධූරයේ වැඩ භාර ගන්නා ලදී.

මධ්‍යස්ථාන සේනාවිධායක රෙමශ්‍රීලයුපොදුසේබ කර්නල් නලින් ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නව බලකාධිපති මහත් හරසරින් පිළිගත් අතර, කදවුරු සම්මාන මුරයෙන් අනතුරුව රෙජිමේන්තු රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ අතර, උත්සව සම්මාන මුරයට සහභාගී වී, ඉන් අනතුරුව, රෙජිමේන්තු මන්ත්‍රණ සභා ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රෙජිමේන්තු නිලධාරින්/නිලධාරිණියන්ගේ සහභාගීත්වයෙන් සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ අභිනව බලකාධිපති ලෙස වැඩ භාර ගැනීමේ සිය පළමු නිල ලේඛනයේ අත්සන් තැබීය. පැලයක් රෝපණය කිරීමේ වැඩ සටහනින් පසු සියළු නිල තේ පැන් සංග්‍රහයටද සහභාගිවිමෙන් පසු උත්සව කටයුතු අවසන් විය.