05th August 2021 16:15:05 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ 14 වන බලකාධිපති ලෙස අධ්යක්ෂ වැටුප් හා ලේඛණ වශයෙන් රාජකාරි නියුතු බ්‍රිගේඩියර් එච් ඒ පී පී කේ හේවාවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරි 2021 අගෝස්තු 02 වන සදුදා දින යෙදුනු සුභ මොහෙතින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ආගමික වතාවන් මධ්‍යයේ තම ධූරයේ වැඩ භාර ගන්නා ලදී.
මධ්‍යස්ථාන සේනාවිධායක රෙමශ්‍රීලයුපොදුසේබ බ්‍රිගේඩියර් ඒ එම් කේ ජී පී එස් කේ අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නව බලකාධිපති මහත් හරසරින් පිළිගත් අතර, කදවුරු සම්මාන මුරයෙන් අනතුරුව රෙජිමේන්තු රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය. ඉන් අනතුරුව, රෙජිමේන්තු මන්ත්‍රණ සභා ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රෙජිමේන්තු නිලධාරින්/නිලධාරිණියන්ගේ සහභාගීත්වයෙන් සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ අභිනව බලකාධිපති ලෙස වැඩ භාර ගැනීමේ සිය පළමු නිල ලේඛනයේ අත්සන් තැබීය. පැලයක් රෝපණය කිරීමේ වැඩ සටහනින් පසු සියළු නිල තේ පැන් සංග්‍රහයටද සහභාගිවී උත්සව කටයුතු අවසන් විය.