05th May 2025 16:40:33 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායට අනුයුක්තව වසර 28 කට අධික කාලයක් මව්බිම වෙනුවෙන් සේවය කළ අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ජී.වී ඇලපාත (විශ්‍රාමික) VSV ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය සඳුදා (අප්‍රේල් මස 28) දින සවස පානදුර, මිනුවන්පිටිය පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.
අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ජී.වී ඇලපාත (විශ්‍රාමික) VSV වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අධ්‍යක්‍ෂවරුන් පිරිසක් සහභාගි වූහ. හමුදා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය කාතුගැල මත අභිමානවත් අයුරින් තැන්පත් කර භටපිරිස් පෙරටුකොට ගත් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන යන ලදී.
අවමංගල්‍ය පෙරහැර සුසාන භූමිය වෙත පැමිණීමෙන් අනතුරුව භටපිරිස් විසින් දේහය ආදාහනාගාරය වෙත රැගෙන යනු ලැබූ අතර, ඒ පිටුපසින් අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංවේගයට පත් පවුලේ සාමාජිකයන් ද පැමිණියහ.
යුද්ධ හමුදා විධායක ජෙනරාල් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I (Special Part I Order), අවමංගල්‍ය උත්සව අවස්ථාවේදී පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලද අතර, හමුදා නිලධාරියෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් කාලතුවක්කු වෙඩි මුර හඬ ගුවන් ගැබ සිසාරා පැතිර යන මොහොතේ බ්‍රිගේඩියර් ජී.වී ඇලපාත (විශ්‍රාමික) VSV වෙත යුද්ධ හමුදා සාමාජිකයන් විසින් හමුදා සම්ප්‍රදායානූකූල අවසන් ගෞරවාචාරය පුදකර සිටියහ.
හිරු නැඟෙනා මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ එම අවස්ථාවේදි වාදනය කරනු ලැබු අතර, එතුමන්ගේ දිවි සැරියේ නිමාව එම බියුගල් නාදයෙන් සංවේගජනක ලෙස සිහිපත් කරන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP psc විසින් අභාවප්‍රාප්ත අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ජී.වී ඇලපාත (විශ්‍රාමික) VSV සිය කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළ හිමිකරගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී.
අවමංගල්‍ය උත්සව අවස්ථාවට ජ්‍යේෂ්ඨ නිලධාරින්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ජී.වී ඇලපාත (විශ්‍රාමික) VSV ගේ පවුලේ සාමාජිකයන් සහභාගි වූහ.