30th October 2025 09:32:34 Hours
2025 ඔක්තෝබර් 24 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 25 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස Colonel සී එස් දේමුණි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් නිල වශයෙන් රාජකාරී භාරගන්නා ලදී.
නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක රෙම ශ්‍රීලයුපොදුසේබ Colonel ඩබ්ලිව් ටී ඒ එස් පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරිණීය විසින් නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් මහත් හරසරින් පිළිගත් අතර, කදවුරු සම්මාන මුරයෙන් අනතුරුව රෙජිමේන්තු රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ පසු, සම්මාන පෙලපාළියක් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත පිරිනමන ලදි.
නව මධ්‍යස්ථාන සේනාවිධායක සිය කාරයාලයේ ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාර ගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛනයට අත්සන් තැබීය. Colonel සී එස් දේමුණි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් රෙජිමේන්තු මධ්‍යස්ථාන කාර්්‍ය මණ්ඩලය සහ අණදෙන නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, අවසානයේ නිලධාරීන් සහ සෙසු නිලයන් සමඟ සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී විය.