28th February 2024 09:31:23 Hours
යුද්ධ හමුදා සාමාජිකයින් හට මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂවාදී නීතිය පිළිබඳ දැනුම සහ අවබෝධය ලබාදීම වෙනුවෙන් 2024.02.13, 14 සහ 15 යන දිනයන්හිදී මෙම මූලස්ථාන දේශණ ශාලාවේදී තෙදින වැඩමුුළුවක් ඉතා සාර්ථකව පවත්වන ලදී.
අදාල වැඩමුළුව සදහා යුද්ධ හමුදා දේශකයන් සහ පිටත ආයතනයන්හි විද්වත් දේශකයන් රැසක් සහභාගිවූ අතර, එම වැඩමුළුව අධීකෂණ කටයුතු ශ්රී ලංකා රතුකුරුස සංවිධානයේ චන්න ජයවර්ධන මහතා (ARMED AND SY FORCES PGME ADVISOR OF ICRC) විසින් සිදුකරන ලදී. එම වැඩමුළුවේ විශේෂ අවස්ථාවන් හි ලබාගත් ඡයාරූප පහත සදහන් පරිදිවේ.