03rd February 2025 17:33:07 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකක සභාපතිණියගේ සංකල්පයකට අනුව රටෙහි පවතින ආර්ථීක අවපාතය හමුවේ යුද්ධ හමුදා සාමාජිකයින් වෙත සහනයක් සැලසීමේ අරමුණින් කි්‍රයාත්මක කරන ලද අර්ධ/නව නිවාස මුල්‍යාධාර වැඩසටහනට සමගාමීව අධ්‍යකෂක ජෙනරාල් මූල්‍ය කළමනාකරණ හා ශි්‍ර ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති වන මේජර් ජෙනරාල් ඒ එම් කේ ජී පී එස් කේ අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මගපෙන්වීම යටතේ මෙම මූලයට අයත් එෆ්/14157 සනි කම්කරු ඩී ජී එච් උදාන මහතාගේ අර්ධ නිවස පිළිසකර කර ලබාදීම සදහා යෝජනා වන ලදී.
ඒ සදහා, මෙම මූලයට අයත් ඒකක දායකත්වයෙන් සහ රෙම ශි්‍රලයුපොදුසේබ සේවා වනිතා ශාඛාවේ පූර්ණ දායකත්වය මත නිවස පිලිසකර කර 2025.01.31 දින එම සිවිල් සේවක මහතා වෙත ලබා දෙන ලද අතර, එම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් මෙම මූල සේවා වනිතා ශාඛා සභාපතිණි තුෂාරි අබේසිංහ මැතිණිය සහභාගී වන ලදී.
මෙම උත්සව අවස්ථාව සදහා සේවා වනිතා ශාඛා උප සභාපතිණි නයෝමි ද සිල්වා මහත්මිය, ලේඛම් චතුරානි ඕවිටිගල මහත්මිය මෙන්ම රෙජිමේන්තු කාර්යය මණ්ඩලය සහ ඒකක අණදෙන නිලධාරිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලද අතර, සිවිල් සේවක මහතාගේ අනාගත දිවිය සාර්ථක වේවා යැයි සුභපැතුම් එක් කරමින් නිවසට අවැසි වියළි සලාක ද්‍රව්‍ය රුසක් ලබාදීමට කටයුතු කරන ලදී.