Sri Lanka Army General Service Corps

Header

Sri Lanka Army
General Service Corps

Service with Excellence

03rd December 2024 16:05:11 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේබා බලකා සේවා වනිතා ශාඛාව වෙත ආධාර පිණිස පවත්වන ලද කෝ කුක්කෝ වේදිකා නාට්‍ය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් සිදුකරනු ලබන රණවිරු සුභසාධන වැඩසටහන් උදෙසා ආධාර පිණිස සංවිධානය කරන ලද, ජනප්‍රි‍ය වේදිකා නාට්‍යයක් වන ’’කෝ කුක්කෝ’’ වේදිකා නාට්‍යය නොවැම්බර් 30 දින ඇඕලිපිටිය ඩී ඒ රාජපක‍්ෂ කේන්ද්‍රයේ (බුද්ධි මණ්ඩපයේ) දී වේදිකා ගත කරන ලදී.

මෙම වේදිකා නාට්‍ය ජනප්‍රි‍ය රංගන ශිල්පීන් වන මිහිරි සිරිතිලක, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, හේමන්ත ඊරියගම යන මහත්වරුන්ගේ රංගන දායකත්වයෙන් දර්ශණ වාර තුනක් ඔස්සේ වේදිකා ගත කිරීමට කටයුතු කල අතර, එම අවස්ථාව සාර්ථක කර ගැනීම වෙනුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගය නොමදව ලබා දෙන ලදී. තවද, ප්‍රේක්ෂකයන් හෝරා කිහිපයකට කාර්යය බහුල ජීවන රටාවෙන් මුදවා ගැනීමට හැකිවිය.

මෙහිදී, මෙම අවස්ථාව සදහා අධ්‍යක‍ෂක ජෙනරාල් මූල්‍ය කළමනාකරණ හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඒ එම් කේ ජී පී එස් කේ අබේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමා සහ රෙම ශ්‍රීලයුපොදුසේබ සේවා වනිතා ශාඛාවේ සභාපතිණි තුශාරි අබේසිංහ මහත්මිය ඇතුළු සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විය.

මෙම වේදිකා නාට්‍යය වෘත්තීය පාසල - කුට්ටිගල සේනාවිධායක කර්නල් යු ඒ කළුආරච්චි යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් ඇතුළු කාර්යය මණ්ඩලයේ පූර්ණ අධික‍ෂණය යටතේ සිදු වූ අතර, මෙම අවස්ථාව සදහා සේවා වනිතා ශාඛා සාමාජිකාවන් රැසක් ද සහභාගී වන ලදී.