Sri Lanka Army General Service Corps

Header

Sri Lanka Army
General Service Corps

Service with Excellence

26th May 2022 09:32:56 Hours

අ:පො:ස:(සා/පෙළ) විභාගය සදහා පෙනී සිටින ලබන දූදරුවන් වෙනුවෙන් පවත්වනු ලැබූ ආශිර්වාදාත්මක බොධිපූජා පිංකමක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් 2021 වර්ෂයේ අ:පො:ස:(සා/පෙළ) විභාගය සදහා පෙනී සිටිනු ලබන සියළුම දූදරුවන් වෙනුවෙන් ආශිර්වාදාත්මක බොධිපූජා පිංකමක් 2022'05'21 වන දින 1730 පැයට යුද්ධ හමුදා බොධිරාජාරාමය පනාගොඩහිදී පවත්වන ලදී.

මෙම ආශිර්වාදාත්මක බෝධිපූජා පිංකම සදහා මෙවර අ:පො:ස:(සා/පෙල) විභාගය වෙනුවෙන් පෙනී සිටිනු ලබන සියළුම දූදරුවන් මෙන්ම පනාගොඩ යුද්ධ හමුදා ජනපදය තුල පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථාන/ඒකකයන්හි නිළධාරී/සෙසුනිලයන්ගේ මෙවර අ:පො:ස:(සා/පෙළ) පෙනී සිටින දූදරුවන්ද සහභාගී වන ලදී .

එම බෝධිපූජා පිංකම සඳහා ශී්‍රලයුපොදුසේබ සේවා වනිතා ඒකක සභාපතිණි එරංගා හේවාවසම්, මධ්‍යස්ථාන සේනාවිධායකතුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේවා වනිතා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් මෙන්ම සියළුම සෙසුනිලයන්ද සහභාගී වන ලදී.