Sri Lanka Army General Service Corps

Header

Sri Lanka Army
General Service Corps

Service with Excellence

05th November 2021 11:16:22 Hours

පොදුසේවා බලකායේ රණවිරු පවුලක් වෙත රෝද පුටුවක් ප්‍රධානය කිරීමේ වැඩසටහනක් සහ මියගිය බනි 1 ඩී එමි ගාමිණි ගේ දු දරුවන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා සේවාවනිතා සාමාජිකාවන් සංචාරයක් සිදුකිරීම.

පොදුසේවා බළකා සේවා වනිතා ශාඛා සභාපතිණිය වන එරංගා හේවාවසමි මැතිණියගේ උපදෙස් හා මගපෙන්වීම මත 2021 ඔක්තෝබර් මස 29 වන දින රෝද පුටුවක් ප්‍රධානය කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.

3 ශ්‍රීලයුපොදුසේබ (වැහාලේ) ඒකකයට අයත් කෝප්‍රල් ප්‍රසාද් එචි ඒ යන කොනොනීගේ රෝගාතුරව සිටින ආදරණිය මැණියන් ගේ සුවදුක් බැලීමට සහ රෝද පුටුව ප්‍රදානය කිරිමට සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත සංචාරයක් සිදු කල අතර, එහිදී එම පවුලේ අයවළුන් වෙත වියලි සලාක මල්ලක් ද පරිත්‍යාග කරන ලදි.

එම වැඩසටහනට සමගාමීව 3 ශ්‍රීලයුපොදුසේබ (වැහාලේ) ඒකකයේ රෙජිමේන්තු සැරයන් මේජර් වශයෙන් රාජකාරී කරමින් සිටියදී කොරෝනා වෛරසය වැලදීම හේතුවෙන් හදිසියේ මියගිය බනි 1 ඩී එමි ගාමිණි යන බළලත් නිලධාරීගේ නිවස වෙත ගොස් ඔහුගේ ආදරණිය බිරිද සහ දියණිය ගේ සුවදුක් විමසා බැලීම එම දිනයේදීම සිදු කරන ලදි. එහිදි, බළලත් නිලධාරිගේ අධ්‍යාපනය හදාරන දියණිය වෙත ශිෂ්‍යාධාර මුදලක් සහ ඔහුගේ බිරිද වෙත වියලි සලාක මල්ලක් පරිත්‍යාග කරන ලදි.

මෙම වැඩසටහන සඳහා පොදුසේවා බලකා සේවාවනිතා ශාඛා සභාපතිණිය, රෙජිfමින්තු මධ්‍යස්ථාන සේනාවිධායක සහ සේවාවනිතා ශාඛා සාමාජිකාවන් ද සහභාගි වන ලදී.