24th March 2026 09:55:26 Hours
සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින් පුද්ගලික සමාගම විසින් සංවිධානය කරනු ලැබූ සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා සමාජ සත්කාර වැඩසටහන යටතේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පවත්වනු ලැබූ අක්ෂි සහ සෞඛ්‍ය සායන කදවුර 206.01.31 දින ගා/ වැලිවිටිය විවේකානන්ද දමිළ පාසලේදී පවත්වන ලදී. අදාල වැඩසටහන සදහා සුප්‍රීම් ග්ලෝබල් ආයතනයේ 19 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් සහභාගි වු අතර, අක්ෂි සහ සෞඛ්‍ය සායන සදහා ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 300 ක් සහභාගි වු බවත්, අදාල වැඩසටහන සාර්ථකව ඉටුකරගැනීම සදහා මෙම ඒකකය වෙතින් 01 X 09 ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගි වන ලදි.
61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එස්වී ප්‍රනාන්දු යුඑස්පී එන්ඩිසී අයිජී ජ්‍යෙෂ්ඪ නිලධාරීගේ මග පෙන්වීමෙන් සහ 573 පාබල බළසේනාවේ බළසේනාධිපති කර්නල් ඉඒයුඒ අමරසේකර ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පුර්ණ අධීක්ෂණය යටතේ 20 ශ්‍රීලපාහ අණදෙන නිලධාරි ලුත්තන් කර්නල් සිඑස්කේ රාජසිංහ ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මැදිහත්වීම යටතේ මෙම වැඩසටහන සාර්ථකය සිදුකරන ලදී.