05th March 2026 11:50:05 Hours
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ගාල්ල ධීවර වරාය පරිශ්‍රය තුල පිහිටි කැලි කසල කන්දෙහි කොටසක් ඉවත් කර ඩෙංගු වලින් තොර පරිසර හිතකාමී කලාපයක් කිරීම වෙනුවෙන් පිරිසිදු කීරිමේ වැඩසටහනක් 2026.01.24 වන දින පැවැත්වුණි. ඒ සඳහා 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් මත 573 පාබල බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති තුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ 61 වන පාබල සේනංකය, 20 ශ්‍රිලපාහ සහ 2 (සෙව්) ගැහේබ වෙතින් 01x50 භඨ පිරිස් ප්‍රමාණයක් සහභාගී විය.
එමෙන්ම ගාල්ල නාවික හමුදා කඳවුරේ නිළධාරි/සෙසුනිළයින්, ගාල්ල පොලිස් ස්ථානයේ පොලිස් නිළධාරීන් හා ගාල්ල බන්ධනාගාර නිළධාරීන් හා රැදවියන්, ගාල්ල මහ නගර සභාවේ සාමාජිකයින්, ධීවර ප්‍රජාව ඇතුළු සිවිල් සංවිධානයන්හි සමාජිකයන් මේ සදහා සහභාගීවු අතර කැලි කසල කන්දෙහි කොටසක් එක ස්ථානයකට ගෙන බෝතල්, පොලිතින් කවර, කඩදාසි, දිරන ද්‍රව්‍ය, නොදිරන ද්‍රව්‍ය වශයෙන් වෙන් කර ගාල්ල මහ නගර සභාවේ ට්‍රැක්ටර් රථ මගින් ඉවත් කිරිම එදින 0830 පැයේ සිට 1300 පැය දක්වා සාර්ථකව සිදුකරන ලදී.