Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

04th March 2026 15:40:16 Hours

නියෝජ්‍ය ආඥාපති ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර), 14 වන පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.

මේජර් ජෙනරාල් එච් ඩී එල් එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී නියෝජ්‍ය ආඥාපති ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර), 2026 ජනවාරි 19 වන දින 14 වන පාබල සේනාංකයේ සංචාරයක නිරත විය. 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, නියෝජ්‍ය සේනාංකාධිපති සහ 14 වන පාබල සේනාංකයේ සියළුම නිලධාරී සෙසුනිලයින් ආරක්‍ෂක සේනා මූලස්ථාන (බටහිර) නියෝජ්‍ය ආඥාපතිවරයා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

පිළිගැනීමෙන් පසු, සේනාංකාධිපති විසින් 14 වන පාබල සේනාංකයේ හැඳින්වීම සහ ඉතිහාසය පිළිබඳ කෙටි විස්තරයක් පැවැත්වූ අතර, 14 වන පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී විසින් 14 වන පාබල සේනාංකයේ බලප්‍රදේශයේ ස්ථානගත කිරීම සහ මෙහෙයුම් සූදානම පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් පවත්වන ලදී. පසුව කර්නල් (පාලන/භකාස) නිලධාරි විසින් පරිපාලනය සහ සැපයුම් කටයුතු පිළිබඳව දැනුවත් කරන ලදී . මෙම අවස්ථාවට 14 වන පාබල සේනාංකයේ සියළුම නිලධාරීන්ද සහභාගී වන ලදී.

14 වන පාබල සේනාංකයේ සංචාරයෙන් පසු, නියෝජ්‍ය ආඥාපති තුමන් විසින් අකුරේගොඩ පිහිටි 144 පාබල බලසේනා මූලස්ථානයේ සංචාරයක නිරත වන ලදී. බලසේනාධිපති සහ සියලුම කාර්ය මණ්ඩලය විසින් නියෝජ්‍ය ආඥාපති තුමන් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. 144 පාබල බළසේනාධිපති විසින් බලප්‍රදේශයෙහි ස්ථානගත කිරීම සහ මෙහෙයුම් සූදානම පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් පැවැත්වීය. අවසන් වසයෙන් නියෝජ්‍ය ආඥාපති තුමන් 2 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සංචාරයක නිරත වි නිල සංචාරය අවසන් කරන ලදි.