04th March 2026 09:23:28 Hours
2025 දෙසැම්බර් 29 වන දින ගාලු කොටුව කඳවුරේ පිහිටි 2 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළකා නව අණදෙන නිලධාරී ලෙස මේජර් ඩීසී රත්නායක රාජකාරි භාර ගන්නා ලදී.
නව අණදෙන නිලධාරී හට හමුදා සම්මාන මුරයක් පිරිනමා 2 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළකායේ සියලුම නිලයින් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ආගමික ආශිර්වාදයන් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් කරමින් රාජකාරි භාරගන්නා ලදි.