Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

04th March 2026 09:14:48 Hours

14 වන පාබල සේනාංකය විසින් පාසල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් පවත්වන ලදි

යුද හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව, මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සිසුන්ට 2026 ජනවාරි 09 වන දින 14 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

ඒ අනුව, ගංවතුරෙන් පීඩාවට පත් 2 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා ඒකක බළප්‍රදේශයට අයත් කඩුවෙල රණාල ආදර්ශ ප්‍රාථමික පාසලේ සියලුම සිසුන්ට පාසල් බෑග් 425 ක් සහ අනෙකුත් පාසල් උපකරණ බෙදා දෙන ලදී.

මෙම වැඩසටහන ආක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) සේනාංකාධිපතිගේ උපදෙස් යටතේ, 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ සම්බන්ධීකරණයෙන් සහ 144 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලද අතර, පාසල් උපකරණ රනිල් ප්‍රනාන්දු මහතා සහ ශානක කුරේ මහතා විසින් පරිත්‍යාග කරන ලදී.