02nd January 2026 10:21:44 Hours
2026 වසරේ පළමු වැඩ කරන දින නිල උත්සවය ආරම්භ කිරීම සඳහා ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගී වූ අතර, ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) හිදී පැවැත්විණි.
ආරක්ෂක සේනා මූලස්ථාන ගොඩනැගිල්ලේ කිරි ඉතිරිම සමඟින් දිනයේ කටයුතු ආරම්භ වූ අතර, ධජය එසවීමේ කටයුතු කාර්යාල වේලාවන් ආරම්භ වූ අතර, ආඥාපති තුමන් ජාතික ධජය එසවූ අතර බ්‍රිගේඩියර් ප්‍රමානි විසින් ආරක්ෂක සේනා මූලස්ථාන (බටහිර) ධජය එසවීය. ඉන්පසු ජාතික ගීය සහ හමුදා ගීතය වාදනය කිරීමෙන් පසු, මව්බිමේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා අවසාන පරිත්‍යාගය කළ මියගිය රණවිරුවන්ට ගෞරව කිරීම සඳහා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලදී.
එම කටයුතු වලින් පසුව, සියලුම නිලයින් "පිරිසිදු ශ්‍රී ලංකාව" වැඩසටහනට අදාළ දිවුරුම් දිවුරුම් දිමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමා විසින් නිකුත් කරන ලද 2026 සඳහා වූ අලුත් අවුරුදු පණිවිඩය, සියලුම නිලයන් වෙත නිවේදනය කරන ලදී. පණිවිඩය මඟින් නව වසර සඳහා සුබ පැතුම් එක් කළ අතර මෑත කාලීන අයහපත් කාලගුණික තත්වයන් යටතේ ඉටු කරන ලද කාර්යභාරය, සදහා ප්‍රසන්සාව පලකරන ලදි.
අවසාන වශයෙන් සාම්ප්‍රදායික සියලු නිල තේ පැන් සංග්‍රහයකින් පැවැත්වූ අතර, එමඟින් සියලුම නිලයන් සමඟ සුහද සාකච්ඡාවල යෙදීමට අවස්ථාවක් ලැබුණි. මෙම අවස්ථාවේදී, ආරක්ෂක සේනා ආඥාපති භට පිරිස් අමතමින්, සිය අලුත් අවුරුදු සුභ පැතුම් එක් කළ අතර ජාතිය වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම සහ සේවය වෙනුවෙන් කෘතඥතාව පළ කළේය. මෑත කාලීන අයහපත් කාලගුණික තත්ත්වය තුළ ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) විසින් ඉටු කරන ලද විශිෂ්ට කාර්යභාරය පිළිබඳව ද ඔහු සඳහන් කමින් මෙම වැඩසටහන අවසන් කලේය.