Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th November 2025 09:00:52 Hours

පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේ බිනර පොහොය දින ධර්ම වැඩසටහන

2025 සැප්තැම්බර් 07 වන දින බිනර පොහොය දින පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක් පැවැත්වු අතර, මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පි සිටිඑෆ් එන්ඩියු පිඑස්සි අයිජි සහ ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් දිනේෂ් උඩුගම අර්ඩබිලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී විය.

මෙම අවස්ථාව සදහා අවට ප්‍රදේශවලින් පැමිණි බැතිමතුන් විශාල පිරිසක් ද සහභාගී වු අතර මෙවැනි වැඩසටහන් මගින් යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර පවතින සහයෝගිතාව වර්ධනය වන පවක් දක්නට ලැබේ.