16th September 2025 15:05:30 Hours
ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ 2025 ජුලි මස 09 වන දින යුද්ධ හමුදා ශාරිරික අභ්‍යාස පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රිඩාගාරයේ “බෝ නොවන රෝග අවමකරලීම” පිළිබඳ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩ සටහනක් පවත්වන ලදි.
මෙම වැඩසටහන යුද්ධ හමුදා රෝහල කොළඹ කායික රෝග විශේෂඥ වෛද්‍ය සහ නිරෝගි හමුදාවක් නිරෝගි දැයක්හි සම්බන්ධිකරණ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විධායක සම්බන්ධිකරණ නිලධාරිණිය වශයෙන් රාජකාරි කරනු ලබන කායික රෝග විශේෂඥ වෛද්‍ය බ්‍රිගේඩියර් මොරින් විජේවර්ධන යුඑස්පි එම්බිබිඑස් එම්ආර්සිපි එෆ්ආර්සිපි (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමිය/නිවාරන වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක විශේෂඥ මනෝවෛද්‍ය බ්‍රිගේඩියර් ආර් එම් එම් මොනරාගල යුඑස්පි සහ යුද්ධ හමුදා රෝහල කොළඹ පෝෂණවේදි නිලධාරිණි මේජර් ඒ සි කේ උඩුගම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ ජ්‍යෙෂ්ඨ නිලධාරිණියන් විසින් සිදුකරන ලදි.
මෙහිදි යහපත් සෞඛ්‍ය ක්‍රියාකාරකම් වලට යොමුවිම මගින් මානසික ආතතිය කලමණාකරණය කර ගැනීම/යහපත් ආහාර රටා මගින් අපගේ ආයුකාලය වැඩි කරගන්නා ආකාරය සහ නිරෝගිමත් දිගු දිවියකට ආහාර හා පෝෂණය ලබා ගන්නා ආකාරය පිළිබද මනා අවබෝධයක් ලබාදෙන ලදි.
තවද මෙම වැඩසටහන සඳහා ආසේමු (බටහිර) රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් ඇතුලුව ආසේමු (බටහිර) යටතේ පාලනය වන අධ්‍යක්‍ෂක මණ්ඩල/රෙජිමේන්තු මධ්‍යස්ථාන/ඒකකයන්හි රාජකාරි කරනු ලබන නිලධාරින් 43 දෙනෙකු සහ සෙසු නිලයන් 770 දෙනෙකු සහභාගි වූහ.