16th September 2025 10:44:43 Hours
61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එස් වී ප්‍රනාන්දු යූඑස්පී එන්ඩීසී අයිජී 2025 ජුනි 03 වන දින 572 පාබල බලසේනා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය. ඔහු පැමිණි පසු, 572 පාබල බලසේනා බලසේනාධිපති විසින් ප්‍රධාන දොරටුවේදී උණුසුම් ලෙස පිළිගනු ලැබු අතර හමුදා සම්ප්‍රදායානුකූලව මෙම අවස්ථාව සනිටුහන් කරමින්, ඔහුට ගෞරවයක් වශයෙන් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.
ගමනෙහි කොටසක් ලෙස, වර්ධනය සහ තිරසාරභාවය සංකේතවත් කරමින් චාරිත්‍රානුකූලව පැළයක් රෝපණය කරන ලද අතර, සංචාරය සනිටුහන් කිරීම සඳහා කණ්ඩායම් ඡායාරූපයක් ගන්නා ලදී.
ඉන්පසු සේනාංකාධිපති තුමන් කඳවුරු පරිශ්‍රය නැරඹීමට පැමිණ, ප්‍රධාන පහසුකම් පරීක්ෂා කල අතර සංචාරය අවසන් කරමින් අමුත්තන්ගේ පොතේ සිය අදහස් සටහන් කළේය.