Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

16th September 2025 10:13:52 Hours

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සහය දක්වමින් ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) පිරිසිදු කිරීමේ වැඩ සටහනක් ‍ සිදුකරයි

"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනට සහය දක්වමින් ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කර ඇත. බලප්‍රදේශය තුළ සේමූ,බසේමු හා ඒකකයන්හී භට පිරිස්වල සහභාගීත්වයෙන් ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපති තුමන්ගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන සිදු කරන ලදී.

මෙම වැඩසටහන පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න රටක් නිර්මාණය කිරීම අරමුණු කරගත් පුළුල් ජාතික ප්‍රයත්නයක කොටසකි. සමාජීය ආකල්පමය සහ පාරිසරික පරිවර්තනය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් කඳවුරු පරිශ්‍ර අවට ප්‍රදේශ සහ පොදු ස්ථානයන් පිරිසිදු කිරීමේ වැදගත්කම මෙම වැඩසටහන මගින් අවධාරණය කෙරේ.