12th August 2025 12:16:46 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) 2025 අගෝස්තු 04 වන දින ක්ෂේත්‍රය තුළ ප්‍රධාන සංචාරක ගමනාන්තවල ආරක්ෂක පියවර සහ එහි වගකීම් පිළිබද සමාලෝචනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ආරක්ෂක සම්බන්ධීකරණ සමුළුව පැවැත්වීය.
ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවේදී දේශීය හා විදේශීය අමුත්තන් සඳහා ආරක්ෂිත පරිසරයක් සහතික කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.
වත්මන් තර්ජන තක්සේරු කිරීම්, අන්තර් ආයතන ප්‍රතිචාර යාන්ත්‍රණ සහ ශ්‍රී ලංකාවේ වර්ධනය වන සංචාරක අංශයට සහාය වීම සඳහා ක්‍රියාකාරී උපාය මාර්ග පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) යටතේ ඇති සියලුම සංචාරක ස්ථාන ආරක්ෂා කිරීම සඳහා ඔහුගේ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබද පැහැදිලි කලේය.