Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

12th August 2025 11:23:26 Hours

ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමිව යුද්ධ හමුදාව රට පුරා වෙරළ පිරිසිදු කිරීමේ වැඩ සටහනක් පත්වන ලදි

“ලස්සන වෙරළ තීරය - ආකර්ශනීය සංචාරක ගමනාන්තයක්” යන තේමාව යටතේ ශ්‍රී ලංකා හමුදාව 2025 ජූලි 29 වන දින රට පුරා වෙරළ පිරිසිදු කිරීමේ වැඩ සටහනක් පවත්වන ලදි.

වෙරළබඩ සුන්දරත්වය වැඩි දියුණු කිරීම සහ සමුද්‍ර දූෂණයට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන “ක්ලින් ශ්‍රී ලංකා” වැඩසටහනේ කොටසක් වන අතර, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් බී කේ ජී එම් එල් රොඩ්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩියු පීඑස්සී අයිජී, ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම, ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කොළඹ ක්‍රෝ අයිලන්ඩ් හිදී නිල වශයෙන් ආරම්භකරන ලදි.

මෙම වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපාරය යුද්ධ හමුදා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද අතර, පාරසරික දැනුවත්භාවය සහ ප්‍රජා සහභාගීත්වය දිරිමත් කරමින් විදේශීය ජාතිකයන්, දේශීය ස්වේච්ඡා සේවකයින් සහ සිවිල් සංවිධාන ද සහභාගී විය. අපද්‍රව්‍ය වෙන් කිරීම සහ ප්‍රතිචක්‍රීකරණ ශිල්පීය ක්‍රම ඇතුළු පරිසර හිතකාමී පිළිවෙත් පිළිබඳව භට පිරිස් දැනුවත් කරන ලදී.

විශේෂයෙන්, 14 වන පාබල සේනාංකය වෙරළ තීර 37 ක්, 57 වන පාබල සේනාංකය 29 ක් සහ 61 වන පාබල සේනාංකය වෙරළ තීර 22 ක් පිරිසිදු කළහ. නිලධාරීන් 109 ක් සහ සෙසුනිලයින් 2,840 ක් පමණ ක්‍රියාකාරීව සහභාගී වූහ.