Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

17th July 2025 09:32:55 Hours

141 පාබල බලසේනාවේ 18 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

141 පාබල බලසේනාවේ අභිමානවත් 18 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර් ආර් ද එස් ධර්මවික්‍රම ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම මත සැමරුම් උත්සව මාලාවක් සංවිධානය කරනු ලැබීය‍.

සංවත්සර දිනයට සමගාමීව ක්‍රිකට් තරගාවලියක් හා දානමය පිංකමක් සිදුකරන ලද අතර, හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව බලසේනාධිපතිතුමා වෙත කඳවුරු මුරය පිරිනැමීමෙන් පසු නවතමයෙන් ඉදිකරන ලද පාබල හර පද්ධතිය සහිත පුවරුව විවෘත කිරීම, පැල රෝපණය, සමුහ ඡායාරූපයක්

ලබාගැනීම හා බලසේනාධිපතිතුමන් විසින් භඨපිරිස් ඇමතීම සිදු කිරීමෙන් අනතුරුව සියලු නිලයින් අතර සුහදතාවය හා එකමුතුකම වර්ධනය කරමින් සියලු නිල දිවා ආහාරයෙන් උත්සවය නිමාවට පත්කරන ලදී.