16th June 2025 11:49:01 Hours
ලෝක පරිසර දිනය සැමරීම සඳහා, 2025 ජුනි 6 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථාන (බටහිර) ආඥාපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ජේ එන් එම් පී කේ නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත වෙරළබඩ ප්‍රදේශ පිරිසිදු කිරීමේ වැඩ සටහනක් සාර්ථකව පවත්වන ලදී.
14 වන පාබල සේනාංකයේ නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහන වැල්ලවත්ත වෙරළබඩ ප්‍රදේශය පුරා පැවැත්විණි. පරිසර සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම සහ පිරිසිදු වෙරළබඩ පරිසරයක් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.