05th June 2025 10:21:46 Hours
ආසේමු(බටහිර) ආඥාපතිතුමාගේ මග පෙනිවීම මත 14 පාබල සේමු සේනාංකාධිපති තුමාගේ උපදෙස් පරිදි 144 පාබල බසේමු බලසේනාධිපති තුමාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව සමග සම්බන්ධතාවයෙන් කලටුවාවත්ත ප්‍රදේශයේ 2025.05.31 ඩෙංගු මර්ධන වැඩ සටහනක් සංවිධානය කරන ලද අතර, එම වැඩ සටහනේ මහජන සෞඛ්‍ය නිලධාරීන් හට සහාය පිණිස 2 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයේ භටපිරිස් සහභාගී කරවන ලදී. එම වැඩ සටහන ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරුන්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව සිදු කරන ලදී.