Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th May 2025 09:43:56 Hours

පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විචිත්‍රවත් ධර්ම දේශනාවක් පවත්වයි

2025 මැයි 24 වන දින පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී යුද්ධ හමුදා නිලධාරීන්/ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් එක්රැස් කරමින් අධ්‍යාත්මික දියුනුව ඇති කිරීම සදහා අති පුජනීය විච්ත්‍ර ධර්ම කථික ගලිගමුවේ ඥාණදීප ස්වාමින් වහන්සේගේ වැඩමමවිමෙන් විශේෂ ධර්ම දේශනාවක් පවත්වන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයින් සහ මහජනතාව අතර අධ්‍යාත්මික යහපැවැත්ම සහ සිහිකල්පනාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) හි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ආඥාපති භකාස අණසක ආසේමු (බටහිර) මේජර් ජෙනරාල් ඊ එම් ජී ඒ අඹන්පොල, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ජේ එන් එම් පී කේ නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඩී එම් එල් සමරදිවාකර ආර්ඩබ්ලිව්පී පිඑස්සී සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) යටතේ රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් රැසක් මෙම අවස්ථාව සදහා සහභාගී විය.

පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන්ගේ දේශනාවේදි සාමය දයානුකම්පාව සහ ධර්මිෂ්ඨ ජීවිතයේ වැදගත්කම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තම කාර්ය මණ්ඩලයේ සහ මහජනතාවගේ අධ්‍යාත්මික හා මානසික යහපැවැත්මට සහාය වීම සඳහා දරණ අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස මෙම ධර්ම දේශණාව පැවැත්වු අතර, මෙවැනි දෑ තුලින් බලාපොරොත්තු වන්නේ යුද්ධ හමුදාව සහ සිවිල් මහජනයා අතර ඇති සම්බන්ධතාවය වැඩි දියුණුවීම වේ.