Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th May 2025 11:47:47 Hours

61 වන පාබල සේනාංකය උත්කර්ෂවත්ව වෙසක් තෙමඟුල සමරයි

61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමාගේ පුර්ණ මගපෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ, ප්‍රදේශයේ ජනතාව හා කඳවුර අතර ඇති බැඳීම සහ සුහදත්වය වර්ධනය කර ගැනීමේ චේතනාවෙන් සේනාංක මුලස්ථානය, බළසේනා මුලස්ථාන සහ ඒකකයන්ට අමතරව ප්‍රදේශයේ ස්ථානගතව සිටින ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් බූස්ස නිපුණ නාවික හමුදා පුහුණු පාසල, පාබල හමුදා පුහුණු පාසල, බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරය, රත්ගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ අවට ගම්වාසින්ගේ සහය ලබා ගනිමින් වෙසක් තෙමඟුල නිමිතිකර ගෙන 2025 මැයි මස 12 දින සිට මැයි මස 16 දින දක්වා කාලය තුල වෙසක් කලාපයක් පැවැත්විමට සැලසුම් කරන ලදි.

ගාලුපාර ආසන්නයේ සිට කදවුර දක්වා දිවෙන මාර්ගය විදුලි පහන් යොදා අලංකාරවත්ව සරසා දෙපස අලංකාර කූඩු ප්‍රදර්ශණය කිරිම, හමුදා කදවුරු වෙතින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් බූස්ස නිපුණ නාවික හමුදා පුහුණු පාසල සහ ගාල්ල විරු කැකුළු පෙර පාසල මෙන්ම ප්‍රදේශයේ පාසල් හා දහම් පාසල් මෙන්ම වැඩිහිටියන්ගේ සහභාගීත්වයෙන් සාමය, සහජීවනය පිලිබද පනිවිඩය ප්‍රථිරාවය කරමින් වෙසක් උත්සවයේ අධ්‍යාත්මික බව ශක්තිමත් කරමින් ප්‍රේක්‍ෂකයින් ආකර්ශණය කර ගනිමින් බැතී ගී සරණියක් පැවැත්විම සහ 6000 කට අධික පිරිසක් සදහා රාත්‍රි බත් දන්සලක් සුදානම් කිරිම සිදුකරන ලදී.

ඉහත කී සාම්ප්‍රදායික අංගයන්ට බැහැරව යමින් මෙම වෙසක් කලාපයේ පැවැති අනෙක් සුවිශේෂි අංගය වුයේ කෝලම් කලාවේ තිබෙන මහ සම්මත රජු හා එම බිසව ඇතුළු රාජ සභාව නිරුපණය කරන ඉතා දුර්ලභ අවස්ථාවන් හිදි පමණක් දැකගත හැකි විශාල ප්‍රමාණයේ වෙස් මුහුණු සහිත රාජ සභාවද ඇතුලත්ව කෝලම් අංග කිහිපයකින් සමන්විත වු මහා අම්බලන්ගොඩ ටුක්කාවඩු පරාම්පරාවෙන් ඉදිරිපත් කරන ලද සංස්කෘතික කලා නිර්මාණයයි. මෙම වැඩසටහන නැරඹිම සදහා ආරාධිත අමුත්තන් රාශියක් සමග ගම්වාසින්, ආරක්ෂක අංශ සාමාජිකයින් සහ විශාල විදෙස් සංචාරකයින් පිරිසක්ද සහභාගි වු අතර, ඔවුන්ගෙන් ඉහල ප්‍රථිචාරයක් හිමිවන අයුරු නිරීක්‍ෂණය කරන ලදී.

එමෙන්ම මෙම වෙසක් කළාපය පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වූ ප්‍රදේශයේ ජනතාව සහ කඳවුර අතර ඇති බැඳීම, සුහදත්වය වර්ධනය කරගැනීම ඉතාමත් සාර්ථකව මුදුන් පමුණුවා ගැනිමට හැකිවූ බව මෙම වැඩසටහන් මාලාවෙන් පසු පැමිණ සිටි ආරාධිත අමුත්තන්ගේ සහ විශේෂයෙන් ප්‍රදේශ වාසීන්ගෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාර සහ ප්‍රසංසා තුලින් මනාව වටහා ගැනීමට හැකියාව ලැබුණි.

මෙම වැඩසටහන සමාරම්භක අවස්ථාවට සර්ව ආගමික පුජකයින්, දකුණු පලාත් ගරු ආණ්ඩුකාරවර, ගාල්ල දිස්ත්‍රික් ලේකම්, ආඥාපති දකුණු නාවික පෙදෙස, ගාල්ල කොට්ඨාශ නියෝජ්‍ය පොලිස්පති, රත්ගම ප්‍රාදේශීය ලේකම්, ප්‍රදේශයේ ස්ථාපිත යුධ, ගුවන්, නාවික හා පොලිස් ස්ථානයන්හි ආයතන ප්‍රධානීන් මෙන්ම රාජ්‍ය ආයතනයන්හි ආරාධිතයන් ඇතුළු ප්‍රදේශවාසීන් රාශියක් සහභාගී වන ලදී.