Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th May 2025 11:42:03 Hours

බෞද්ධාලෝක මාවත වෙසක් කලාපයේ බත් දන්සල යුද්ධ හමුදා සහ සිවිල් අයවළුන්ගේ සහයෝගයෙන් පවත්වන ලදි

පූජනීය වෙසක් සමය සැමරීම සඳහා, බෞද්ධාලෝක මාවත වෙසක් කලාපයේ බත් දන්සලක් සංවිධානය කරන ලද අතර, අලංකාර ලෙස සරසා ඇති වීදි දිගේ උත්සවය නැරඹීමට පැමිණි දහස් සංඛ්‍යාත බැතිමතුන්ට සහ අමුත්තන්ට ආහාර පිරිනමන ලදී.

මෙම පුණ්‍ය කටයුත්ත ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) ව්‍යාපෘති භාර නිලධාරී බ්‍රිගේඩියර් ඒ එස් පී ජයම්පති යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි අධීක්ෂණය කරන ලදි, 1 වන ශ්‍රී ලකා පොදු සේවා බලකායේ සහ 4 වන ශ්‍රී ලංකා පොදු සේවා බලකායේ භට පිරිස් දන්සල සංවිධානය කල අතර, සිවිල් සහයෝගයද ලැබිය.