Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th May 2025 11:15:10 Hours

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ වෙසක් උත්සවය සර්ථක ලෙස පැවැත්විණි

ඓතිහාසික ගංගාරාම විහාරස්ථානයේදී පූජනීය වෙසක් උත්සවය උත්කර්ෂවත් ලෙස සමරනු ලැබූ අතර, එහිදී බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සැමරීම සඳහා දහස් ගණනක් ජනතාව රැස්ව සිටියහ.

සැමරුමේ කැපි පෙනෙන සිදුවීමක් වූයේ ගංගාරාම විහාරස්ථානයේ සිට සීමාමාලකය දක්වා ධාතූන් වහන්සේලා වැඩම කිරීම සඳහා සංවිධානය කරන ලද පෙරහැර වන අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ඩබිලිව් ඩබිලිව් ඩබිලිව් එම් සිබි වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පෙරහැර අලංකාර ලෙස මෙහෙයවන ලදී.

බැතිමතුන්ට සහ මහජනතාවට දානමය පූජාවක් සිදුකිරිම සඳහා බත් දන්සලක් පවත්වන ලදී. මෙම පුණ්‍ය ක්‍රියාව සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය සහ යුද්ධ හමුදා සේවා බලකායේ භට පිරිස් සිවිල් සහයෝගිතාකරුවන්ගේ සහයෝගය ඇතිව සිදුකරන ලදි.

ගංගාරාම විහාරස්ථානය ශ්‍රී ලංකා බෞද්ධ උරුමයේ ආලෝකයක් ලෙස අඛණ්ඩව පවතින අතර, ආගමික හා ජාතික සේවා දායකත්වයන්ගෙන් පොහොසත් වූ මෙම වසරේ වෙසක් සැමරුම, සාමූහිකත්වය හා සමගිය මනාව පිළිබිඹු කලේය.