Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th May 2025 10:37:00 Hours

තරුණ සංගමය හමුදා සහ සිවිල් සහයෝගය ඇතිව කැලණිය රාජ මහා විහාරයේ වෙසක් බත් දන්සල මෙහෙයවයි

එකමුතුකම, භක්තිය සහ ප්‍රජා හැඟීම ප්‍රශංසනීය ලෙස විදහා දක්වමින් තරුණ සංගමය 2025 මැයි 12 වන දින පූජනීය වෙසක් උත්සවය සැමරීම සඳහා කැලණිය රජ මහා විහාරයේ මහා දේවි ශාලාවේදී බත් දන්සලක් සංවිධානය කළේය.

මෙම පුණ්‍ය උත්සවය ආරක්‍ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ පවත්වන ලද අතර 144 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් බී වයි සී ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී. දයානුකම්පාවේ සහ මනුෂ්‍යත්වයට සේවය කිරීමේ සැබෑ සාරය පෙන්නුම් කරමින්, දන්සල 2(ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් සහ සිවිල් සේවකයින්ගේ ක්‍රියාකාරී සහභාගීත්වයෙන් සිදුකරන ලදි.

මෙම උත්සවයේ විශේෂ සිදුවීමක් වූයේ ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ඩබිලිව් ඩබ්ලිව් ඩබ්ලිව් එම් සි බි වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පැමිණීමයි. ඔහුගේ පැමිණීම සිටි සියළුදෙනාට දිරිගැන්වීමක් එක් කළේය.