18th May 2025 12:17:57 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ, ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) රාජකාරි නියතු භට පිරිස්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ සංගමය සහ ‘ශ්‍රී සමන් මෙත් සංසදයේ’ සාමාජිකයින් සමඟ එක්ව, 2025 මැයි 12 සහ 13 යන දිනවල පනාගොඩ බෝධිරාජාරාමය යුද්ධ හමුදා විහාරස්ථානයේදී ශ්‍රී සුවඳ කුටිවල තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ සහ ශ්‍රාවක ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට මහජනතාවට අවස්ථාවක් ලබා දෙන ලදී.
මෙම උත්සවයේ කැපී පෙනෙන සිදුවීමක් වූයේ ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එම් සී බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී මහතාගේ විශේෂ සංචාරයයි. මෙම සංචාරයේදී ඔහු සර්වඥ ධාතූන් වහන්සේලාට වැඳුම් පිදුම් කළ අතර, ආගමික කටයුතු නිරීක්‍ෂණය කළ අතර, එවැනි මුලපිරීම් තුළින් අධ්‍යාත්මික වටිනාකම් ආරක්‍ෂා කිරීමට සහ ප්‍රජා සමගිය පෝෂණය කිරීමට භට පිරිස් දැක්වූ කැපවීම අගය කළේය.
වැඩසටහනේ කොටසක් ලෙස, සංවිධායකයින් විසින් පැමිණෙන බැතිමතුන් සඳහා බෙලිමල් දන්සල සහ කොස් දන්සලක් සංවිධානය කරන ලදී. වෙසක් උත්සවයට අදාළ පරිත්‍යාගශීලීත්වය පිළිබිඹු කරමින් මෙම දන්සල් දින දෙකෙහිම ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
සම්බුදු තෙමගුල තවත් අර්ථවත් කරමින් ඉතාමත් අලංකාර වූ වෙසක් පහන් කූඩු රැසක් නිර්මාණය කර තිබූ අතර, පූජා භූමියද අලංකාර ලෙස ආලෝකමත් කළ අතර, විශාල ජනකායක් මෙම අවස්ථාව සදහා සහභාගිවුහ.