05th May 2025 15:44:12 Hours
142 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් මලිත උබේසේකර ආර්එස්පී පීඑස්සීගේ අධීක්‍ෂණය සහ මඟපෙන්වීම යටතේ 2025 අප්‍රේල් මස 30 වන දින එම පාබල බළසේනාවේ රාජකාරී නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන් කෙටි මාර්ග ඔස්සේ මුදල් ඉපයීම සඳහා සිදුකරනු ලබන විනය විරෝධී ක්‍රියාවන් වලක්වා ගැනීම පිළිබඳව හරවත් දේශණයක් පවත්වන ලදී. යුද්ධ හමුදා පොදුසේවා බලකායේ මේජර් එච්එස් රණවක විසින් එම දේශණය පවත්වන ලද අතර, ඒ සඳහා නිලධාරීන් 04 සහ සෙසුනිලයින් 56 දෙනෙකු සහභාගි විය.