Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

25th April 2025 10:25:57 Hours

සිංහල සහ දමිළ අවුරුදු සැමරුම වෙනුවෙන් 144 පාබල බලසේනා මුලස්ථානය වෙතින් අවුරුදු උත්සවයක් සංවිධානය කරන ලදි.

සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය සැමරීම සහ විනෝදාස්වාදය තුලින් සෙබළුන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරිම සඳහා 144 පාබල බලසේනා මුලස්ථානය වෙතින් සංවිධානය කරනු ලැබු අළුත් අවුරුදු උත්සවය 2025 අප්‍රේල් මස 20 වන දින පැවති අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 144 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බි වයි සී ප්‍රනාන්දු ආර්ඩබිලිවිපි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි වන ලදී.

කාර්ය බහුලත්වයක් යටතේ සීමිත ඉඩ ප්‍රමාණයක් තුල පවත්වනු ලැබුවද, සිරිත් විරිත් වලට සහ විනෝදාස්වාදයට මුල් තැනක්‍ දෙමින් පැවති මෙම අවුරුදු උත්සවය අවසානයේ බලසේනා මුලස්ථානය යටතේ රාජකාරි කරනු ලබන සිවිල් සේවක මහතුන් 17 දෙනෙකු සඳහා අවුරුදු තිලිණ ලබා දීම සහ තරඟයන්හි ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ලබා දීමද සිදු විය.