22nd April 2025 15:36:25 Hours
සිංහල සහ දමිළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් ආරක්‍ෂක සේනා මුල්ථානය (බටහිර) පවත්වනු ලබන සම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය 2025 අප්‍රේල් මස 16 වන දින උදෑසන පැවති අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි විය.
ඊට සමගාමීව, ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති විසින් සිවිල් සේවකයින් 34 දෙනෙකු සදහා තෑගි බෙදා දුන්නේය.
ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති විසින් රැස්ව සිටි පිරිස වෙත අලුත් අවුරුදු සුබපැතුම් එක්කරමින් භට පිරිස් ඇමතිමක් සිදුකල අතර, තේ පැන් සංග්‍රහය අතරතුදි ඔවුන් සමඟින් සුහද පිළිසඳරක ද නිරතවිය.