09th April 2025 15:32:44 Hours
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් බී කේ ජී එම් එල් රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩියු පීඑස්සී අයිජී, 2025 මාර්තු 18 සහ 21 යන දිනවල ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) හි නිල සංචාරයක නිරත වූ අතර, එහිදී ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) හි මෙහෙයුම් කාර්යක්ෂමතාව, සුභසාධනය සහ යටිතල පහසුකම් සංවර්ධනය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් වැදගත් සිදුවිම් රැසක් නිරික්‍ෂණය කලහ.
ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමා විසින් යුද්ධ හමුදාධිපති තුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. කඳවුරු සම්මාන මුරයක් සහ පැළයක් සිටුවීමකින් සංචාරය ආරම්භ විය. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමූහ ඡායාරූපයක් ලබාගන්නා ලදී. ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) හි මාණ්ඩලික නිලධාරීන් විසින් ආරක්ෂක හමුදාවන්හි (බටහිර) මෙහෙයුම්, පරිපාලන සහ සැපයුම් අංශ පිළිබඳ පුළුල් විස්තරයක් සිදුකරන ලදී.
යුද්ධ හමුදාධිපති විසින් භටපිරිස් ඇමතිමක් සිදුකරනු ලැබු අතර, භට පිරිස් හි විනය පවත්වා ගැනීම, හමුදාවේ ගෞරවය ආරක්ෂා කිරීම, රාජකාරි කැපවීමෙන් ඉටු කිරීම සහ ජාතික ආරක්ෂාව සහතික කිරීමේ වැදගත්කම ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක් යුද්ධ හමුදාධිපතිතුමා අවධාරණය කළ අතර, සැබෑ පුරවැසියන් යනු දැනුම, කුසලතා සහ සමාජය කෙරෙහි ගැඹුරු වගකීමක් ඇතිව තම ජීවිතය ගත කරන අය බව ඔහු විශේෂයෙන් සඳහන් කළේය. ඵලදායී සම්පත් කළමනාකරණයේ වැදගත්කම, ශාරීරික යෝග්‍යතාවය සහ පිරිසිදු ශ්‍රී ලංකා වැඩසටහන කෙරෙහි හමුදා නිලධාරීන්ගේ වගකීම් ද ඔහු අවධාරණය කළේය. සියලුම නිල තේ පැන් සංග්‍රහයකින් සහ සියලුම නිල දිවා භෝජන සංග්‍රහයකින් සංචාරය අවසන් වූ අතර, සියලුම නිලයන් අතර සුහදතාවය වර්ධනය විය.
2025 මාර්තු 21 වන දින සංචාරයේ දෙවන අදියර පැවැත්වු අතර ආසේමු (බටහිර) භකාස අනසක ආඥාපති සහ බ්‍ර්ගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි විසින් යුද්ධ හමුදාධිපති පිළිගනු ලැබූ අතර, ප්‍රථමයෙන් පනාගොඩ මධ්‍යම අවි ගබඩාවේ සංචාරය කරමින් එහි මෙහෙයුම් සහ ආරක්ෂක තත්වය පරික්‍ෂා කලේය. ඉන්පසු ඔහු යුද්ධ හමුදා මූලික රෝහලට ගොස් වෛද්‍ය නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් හමුදා නිලධාරීන්ට ලබා දෙන සෞඛ්‍ය සේවා පිළිබඳව විමසීය. ඉන්පසු ඔහු පනාගොඩ යුද්ධ හමුදා ක්‍රීඩා ගම්මානය නිරික්‍ෂණයට ලක්කලේය.
නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධනය සහ ජීවන තත්ත්වය අවධාරණය කරමින්, කැන්දලන්ද නිලධාරී විවාහක නිවාසයේ ක්ෂේත්‍ර සංචාරයකින් සංචාරය අවසන් විය.