09th April 2025 08:17:33 Hours
14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේජේඑන්එම්පීකේ නවරත්න ආර්.ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මග පෙන්විම මත 2025 අප්‍රේල් මස 06 වන දිනට යෙදී තිබෙන 14 වන පාබල සේනාංකයේ 14 වන සංවත්සර දින සැමරුම සනිටුහන් කරමින් ආගමික වතාවත් හා සමාජ සත්කාර වැඩසටහන් කිහිපයක් දියත් කරන ලදී.
2025 මාර්.තු. මස 20 වන දින 14 වන පාබල සේනාංකයේ සියලුම නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් කැළණිය රජමහා විහාරයේදී බෝධි පූජාමය පිංකමක් පවත්වන ලදී. මෙහිදී මෙම පාබල සේනාංකයේ සියළුම අයවලුන් හට සෙත් පතන ලද අතර මියගිය රණවිරුවන් හට පිං පමුණුවීමද සිදුකරන ලදී. තවද, 2025 මාර්.තු මස 25 වන දින කොළඹ 02 අරුල්මිදු හින්දු කෝවිලෙහි ආගමික වතාවත් සිදුකල අතර මරදාන ෆාතිමා අප ස්වාමිදුවගේ දෙව්මැදුරෙහි ක්‍රිස්තියානි ආගමික වතාවත් සිදුකරන ලදී. මෙම අවස්ථාවන් සදහා ද 14 වන පාබල සේනාංකයේ සියළුම නිලධාරීන් හා සෙසුනිලයින් සහභාගී වු අතර, සියලුම රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සියලුම සාමාජිකයින් හට දේව ආශිර්.වාදය ලබා ගන්නා ලදී.
2025 අප්‍රේල් මස 02 වන දින මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයේදී ලේ දන් දීමේ වැඩසටහනක් පැවැත්වූ අතර මෙහිදී යුධ හමුදා සමාජිකයින් 138 දෙනෙකු තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා දායක විය. මෙම අවස්ථාවේදී මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කුඩා දරුවන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමක්ද සිදුකරන ලදී.
14 වන පාබල සේනාංකයේ 14 වන සංවත්සරයට සමගාමීව සිදුකරන ලද සියලුම වැඩසටහන් සඳහා සේනාංකයේ සියලුම නිලධාරී සහ සෙසුනිලයින්ගේද යටතේ ඇති බසේමු හා ඒකකයන් වෙතින් ද නොමසුරු දායකත්වයක් ලැබුණි.