Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

08th April 2025 10:43:41 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති 14 වන පාබල සේනාංක මූලස්ථානයේ සහ යටතේ ඇති බලසේනාවන් හි මංගල සංචාරයක නිරත විය

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2025 පෙබරවාරි 24 වන දින 14 වන පාබල සේනාංක මූලස්ථානයේ සහ යටතේ ඇති පාබල බලසේනාවල නිල සංචාරයක නිරත විය. මෙම සංචාරයේදී ආරක්‍ෂක සේනා ආඥාපති සමඟ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ජී එස් කේ පෙරේරා ආර්එස්පී එන්ඩීසී සහ බ්‍රිගේඩියර් පාලන භකාස බ්‍රිගේඩියර් කේ එල් මුණසිංහ යූඑස්පී එක්වූහ. ආඥාපති තුමන් එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී, 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ජේ එන් එම් පී කේ නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ඉන්පසු, 14 පාබල සේනාංකයට පැවරි ඇති කාර්යයන් සහ වර්තමාන තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක විස්තර සොනාංකාධිපති විසින් ඉදිරිපත් කරන ලදී. පසුව, ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන් සිය සංචාරය සනිටුහන් කිරීම සඳහා අමුත්තන්ගේ පොතේ අත්සන් තැබීය. ඉන්පසු, ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමා 142 වන පාබල බලසේනාවේ සංචාරය කළ අතර, බලසේනාවේ දොරටුවේදී ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන් හට හමුදා සම්මාන මුරයක් පිරිනමන ලදී. 142 වන පාබල බලසේනාවේ බළසේනාධිපති විසින් සවිස්තරාත්මක විස්තරයක් පැවැත්වූ අතර 6 වන බලඇණියේ ගජබා රෙජිමේන්තුවේද සංචාරය කලහ. ඉන්පසු, 144 වන පාබල බලසේනාව වෙත පැමිණ පසු 144 පාබල බලසේනාවේ බළසේනාධිපතති විසින් ඔවුන් හට පැවරි ඇති රාජකාරි පිළිබද සවිස්තරාත්මක විස්තරයක් පැවැත්වීය. ඉන්පසු, 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල බලඇණියේ සංචාරයක නිරත වූ අතර, බලසේනාවේ කාර්යභාරය සහ කාර්යයන් පිළිබඳව පුළුල් විස්තරයක් ඉදිරිපත් කළේය. මෙම වැඩසටහන සඳහා 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) මාණ්ඩලික නිලධාරීන්, බලඇණියන් යටතේ රාජකාරි නියතු අණදෙන නිලධාරීන් ද සහභාගී වූහ.