Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

08th April 2025 07:34:27 Hours

ප්‍රජා සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

බලංගොඩ ශාන්ත තෝමස් දේවස්ථානයේ පියතුමන් කල ඉල්ලීමකට අනුව 18 ශ්‍රීලංජාආබමු භටපිරිස් විසින් 2025.03.29 වන දින එම දේවස්ථානය අවට පිරිසිදු කටයුතු සිදුකරන ලදි. 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමගේ උපදෙස් මත 572 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ අධීක්ෂණය යටතේ 18 ශ්‍රිලංජාආබමු අණදෙන නිළධාරීගේ නායකත්වයෙන් මෙම කාර්යය සිදු කරන ලදි. ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සහය ලබා ගනිමින් සුහදත්වය වර්ධනය හා සහජීවනය ජාතික සමගිය හා තිරසාර සාමය උදා කරලීමට මෙවැනි ක්‍රියාකාරකම් උපකාරී වනු ඇත.