05th April 2025 23:07:50 Hours
“අපට ස්වාභාවික විපත් නැවැත්විය නොහැක, නමුත් අපට දැනුමෙන් සන්නද්ධ විය හැකිය. ප්‍රමාණවත් ආපදා සූදානමක් තිබුනේ නම් මෙතරම් ජීවිත අහිමි වීමට සිදු නොවනු ඇත” (පෙට්‍රා නෙම්කෝවා)
ආරක්ෂක හමුදා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යු කේ ඩි ඩි පි උඩුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්විම යටතේ සහ 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඩි එම් එල් සමරදිවාකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙස්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ, දින තුනක ආපදා කළමනාකරණ ප්‍රතිචාර වැඩමුළුවක් 2025.04. 01 සිට 2025. 04. 03 දක්වා 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ දී පැවැත්විණි.
මෙම වැඩමුළුවට 57 වන සේනාංකය යටතේ ඇති බලඇණි වලින් 01 x 25 දෙනෙකුගෙන් යුත් භට පිරිස් 05 x 125 ක් සහභාගී වූහ. මීට අමතරව, ශ්‍රී ලංකා යුද හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ උපදේශකයින් හය දෙනෙකු මෙම වැඩමුළුව සාර්ථක කරගැනීමට අමිල සහයෝගයක් ලබා දුන් අතර, එම වැඩමුළුව නිම කිරීමට සහ එහි අරමුණු සාක්ෂාත් කර ගැනීමට දායක විය. මෙම උපදේශකයින් ආපදා කළමනාකරණයේ විවිධ අංශ පිළිබඳ න්‍යායාත්මක දේශන සහ ප්‍රායෝගික සැසි දෙකම මෙහෙයවීය.
වැඩමුළුව සාර්ථකව නිම කිරීමෙන් පසු, ශිෂ්‍ය නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් ජල ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කරන ආකාරය පිළිබඳ නිරූපණයක් පවත්වන ලදී. එම වැඩමුළුව උත්සවාකාරයෙන් අවසන් වූ අතර, සහභාගිවන්නන්ට මෙන්ම උපදේශකයින්ට 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් සහතික ප්‍රදානය කරන ලදී. 571 වන පාබල බලසේනාවේ බළසේනාධිපති සහ අංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් ද මෙම වැදගත් අවස්ථාවට සහභාගී වූහ.