Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

05th April 2025 22:45:33 Hours

14 වන පාබල සේනාංකයේ භට පිරිස් සඳහා ආපදා ප්‍රතිචාර සහ ගලවා ගැනිමේ පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී

ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මඟපෙන්වීම යටතේ සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේජේඑන්එම්පීකේ නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ අධීක්ෂණය යටතේ, කැලණිමුල්ලේ පිහිටි 2 වන ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරු පරිශ්‍රයේදී ආපදා ප්‍රතිචාර සහ ගලවා ගැනීමේ පුහුණු වැඩසටහනක් 2025.03.27 සිට 29 දක්වා සාර්ථකව පවත්වන ලදී.

14 වන පාබල සේනාංකය කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි රාජකාරි සිදුකරන අතර, එම ප්‍රදේශ ප්‍රධාන ගංවතුර අවදානම් ප්‍රදේශ වේ. මෙම පුහුණු වැඩමුළුවේ අරමුණ වූයේ ගංවතුර තත්වයක් තුළ කඩිනම් හා කාර්යක්ෂම ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීම සඳහා නිලධාරීන් සහ සෙබලුන්ගේ අත්‍යවශ්‍ය කුසලතා ඇති කිරීම ය.

මෙම පුහුණුව සඳහා 14 වන පාබල සේනාංකය යටතේ ඇති ඒකකයන් වෙතින් 200 කට අධික භට පිරිසක් සහභාගී වූහ. මෙම පුහුණුව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ ආපදා කළමනාකරණ දැනුවත්භාවය, මූලික ප්‍රථමාධාර, CPR, කෘතිම ශ්වසනය, ජල ගලවා ගැනීමේ ශිල්පීය ක්‍රම, බෝට්ටු හැසිරවීම සහ ගලවා ගැනීමේ ගැට භාවිතය පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීමයි.