Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

27th March 2025 21:00:58 Hours

61 පාබල සේනාංකය විසින් ආපදා පෙර සූදානම් පුහුණු වැඩසටහනක් පවත්වයි

ආසේමු (බටහිර) ආඥාපතිතුමන්ගේ සංකල්පයකට අනුව 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ පුර් ණ අධීක්‍ෂණය හා මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා ආපදා ප්‍රථිචාර පුහුණු මධ්‍යස්ථානය - ගම්පොල වෙතින් සහභාගී වූ 01 x 06 දෙනෙකුගෙන් සමන්විත නිලධාරී/ සෙසුනිළයින්ගේ උපදේශකත්වයෙන් සහ බලප්‍රදේශයේ රාජකාරී කරනු ලබන ඒකකයන් වෙතින් තෝරාගත් 07 x 90 ක නිලධාරී/ සෙසුනිළයින්ගේ සහභාගීත්වයෙන් 2025.03.24 වන දින ආරම්භ කරන ලද ආපදා පුහුණු වැඩමුළුව අම්බලන්ගොඩ මාදම්පා ගඟ හා රිවස් එජ් හෝටල් පරිශ්‍රය ආශ්‍රිතව සාර් ථකව පවත්වා 2025.03.26 දින නිම කරන ලදී.

මෙම ආපදා පුහුණු වැඩමුළුව සාම්ප්‍රදායික පුහුණු වැඩමුළුවක් ලෙස නොපවත්වා පුහුණුවන්නන් සඳහා ඉතා ප්‍රායෝගික දැනුමක් ලබාදීමට හැකිවන අයුරින් පාඨමාලාවේ විෂය පතය පෙළගස්වා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා වැඩි කාල වේලාවක් වෙන් කරමින් පුද්ගලික සහ කණ්ඩායම් හැකියාවන් නංවාලීම සඳහා කටයුතු කරන ලදී. විශේෂයෙන්ම මාදම්පා ගඟ ආශ්‍රිතව පුහුණු සැසිය පැවැත්වීම මගින් පුහුණුවන්නන් සඳහා ඉතා දැකුම්කළු පරිසරයක සිට පුහුණුවීම් ලැබීමට අවස්ථාව සලසා දීමත්, ඉතා ප්‍රනීතව සැකසූ ආහාර පාන ලබාදීමත් ඔවුන්ගේ ඒකාකාරී ජීවිතයට වෙනසක් එක්කර දෙමින් විවිධ වැඩසටහන් එක් කරමින් තුන් දින වැඩසටහන සැලසුම් කර තිබීමත්, උපදේශක හා ශිෂ්‍යයින්ගේ පැසසුමට ලක්විය. මෙම වැඩසටහන ප‍වත්වනු ලැබූ සම්පුර් ණ කාලසීමාව තුලම පාඨමාලා සිසුන්ගේ ආරක්ෂාව, ඉගෙනුම හා පාලන අවශ්‍යතා සපුරාලීම පිළිබඳව පුද්ගලිකව සොයාබලා සේනාංකාධිපතිතුමන් විසින් සිදුකරනු ලැබූ මගපෙන්වීම හා අධීක්ෂණය හේතුවෙන් පාඨමාලාව ඉතා සාර් ථක වු බවද විශේෂයෙන් සඳහන් කල යුතුය.

විෂයගත පුහුණු වැඩමුළුවෙහි පුහුණුවීම් සිදුකරන ලද විෂයන් පහත සඳහන් පරිදි වේ.

ආපදා කළමණාකරණය පිළිබඳව පාඨමාලා සිසුන් දැනුවත් කිරීම.

මූලික ප්‍රථමාධාර දේශණය. (වෙළුම් සහ උරමා යෙදීම පිළිබඳව වැඩි අවධානයක් ලබා දෙන ලදී)

කෘතිම ශ්වසනය ලබාදීමේ දේශණය/ නිදර් ශණය.

දියේ ගිලුණු අයවළුන් බේරාගැනීම/Rescue Board භාවිතා කිරීම.

ජල බාධක තරණය.

යාන්ත්‍රික බෝට්ටු හැසිරවීම.

ආපදාවන්ට ලක්වු අයවළුන් බේරාගැනීමට භාවිතා කරන විවිධ ගැට වර් ග හදුන්වා දීම.